රන් කොල්ලයකට තරුණියන් 6ක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 248ක මුදල් හා රන් භාණ්ඩ සොරාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් මහනුවර රණ්භාණ්ඩ ශාඛා කිහිපයක සේවය කළ තරුණියන් හය දෙනෙකු හා තවත් පුද්ගලයකු මෙම මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ අත්අඩංගුවට පත් සැකකරුවන් පසුගියදා (16දා) මහනුවර ප්රධාන මහේස්ත්රාත් ඉන්දික අත්තනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අදාළ සැකකාර තරුණියන් වාගොල්ල, මැණික්දිවෙල, තළාතුඔයල, මහනුවර හා හඟුරන්කෙත පදිංචිකරුවන් වන බවත් සැකකරු බලගොල්ල ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත් පොලීසිය පවසය.
ඒ අනුව මෙම පිරිස මාස අටක පමණ කාලයක් තිස්සේ මෙම සොරකම් සිදුකර තිබෙන බවට සැකකරන අතර, මෙම තරුණයා සැකකාර තරුණියන් සමීපව ඇසුරු කරමින් මෙම වංචාවට සහයෝගය ලබාදී තිබෙන බවත් මොහු උකස් ආයතනයේ සේවකයෙකු නොවන බවත් මූලික පොලිස් පරීක්ෂණ මගින් අනාවරණයවී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

