සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී අයුරින් ශ්රී ලංකවට රැගෙන ආ රන් කිලෝ ග්රෑම් 2.100ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 46ක් වූ මහනුවර පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.