රතුපස්වල ප්‍රදේශයේ පැවැති විරෝධතාවයට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටී යුධ හමුදා සාමාජිකයන් තිදෙනා මේ මස 17 වැනිද දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බී.ඒ. රුවන් පතිරණ මහතා අද (03දා) නියෝග කළේය.
මෙම සිදුවීමට අදාළ මියගිය පුද්ගලයෙකුගේ මරණය සිදුවූ ස්ථානය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ යෝජනාව සලකා බැලූ අධිකරණය එම ස්ථානය පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.