රතුපස්වල වෙඩි තැබීමට බ්‍රිගේඩියර් දේශප්‍රිය රිමාන්ඩ්
(UPDATE) (18.35)
රතුපස්වල විරෝධතාවයක නිරත වූ ජනතාවට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා එළැඹෙන 31 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
(15.52)
රතුපස්වලදී පානීය ජලය ඉල්ලා ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාවට ප්‍රහාර එල්ල කළ සිදුවීමට අදාළව බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර බ්‍රිගේඩියර්වරයා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රතුපස්වල විරෝධතාවට එල්ල වූ ප්‍රහාරයෙන් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූ අතර සිද්ධිය අදාළව මේ වන විට යුද හමුදාවේ සිව් දෙනෙකු අත්අඩංගුවට පත්ව සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
