අභාවප්රාප්ත හිටපු අග්රාමාත්ය රත්නසිරි වික්රමනායක මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා හෙට(28දා) පෙරවරුවෙහි පාර්ලිමේන්තුව වෙත ගෙන ඒමට නියමිතය. හෙට පෙරවරු 10.30ත් 11.30ත් අතර කාලය තුල දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සියළුම මන්ත්රීවරුන් වෙත කථානායක කරු ජයසුරිය මහතා දැනුම් දී සිටියි.