නායයාමේ අවදානම නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 218 ක 524 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අතරින් පවුල් හයසියයක් පමණ ආරක්ෂිත ස්ථාන හතරක නවාතැන් ගෙන සිටිති. සෙසු පවුල්වල අය ඥාති හිතමිතුරන්ගේ නිවෙස්වලද තවත් කොටසක් තමන්ගේම නිවෙස්වලද රැඳී සිටිති.
තම නිවාසවලම රැඳී සිටින අයට වර්ෂාව පතිතවන අවස්ථාවල එම නිවාසවලින් ඉවත්වන ලෙසට උපදෙස් ලබාදී තිබේ.
රත්නපුර මලිති පෙරේරා