2017 ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැලඳවීම ජනාධිපති කාර්යාලයේදී ඊයේ (04දා) සිදු කෙරිණි.
දශක තුනකට අධික කාලයක් මෙරට පැවැති ත්‍රස්තවාදය අවසන් කිරීමේ මානුෂීය මෙහෙයුම්වලදී සිය ජීවිතය මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන් සහ තම ශරීරාංග කැපකළ රණවිරුවන් සිහිපත් කිරීම මෙන්ම ඔවුන් වෙනුවෙන් කෘතගුණ සැලකීමේ අරමුණින් වාර්ෂිකව මෙම රණවිරු මාසය රජය විසින් ප්‍රකාශයට පත් කරන අතර, එයට සමගාමීව රණවිරු කොඩි අලෙවියද සිදු කෙරේ.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් මෙහි පළමු සමරු කොඩිය ජනාධිපතිවරයා වෙත පලඳවනු ලැබිණි.
මේ වසරේ රණවිරු කොඩි පළාත් ආණ්ඩුකාරවරුන් වෙත බාරදීමද ජනාධිපති අතින් සිදු කෙරිණි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන,ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඒ.පී.පී. කිත්සිරි යන මහත්වරුන් සහ දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් ආණ්ඩුකාරවරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාපති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.