දේශපාලන ව්‍යාපාර සඳහා මිය ගිය හා ආබාධිත රණවිරු පවුල්වල සාමාජිකයන් යොදා ගැනීම සාචාරත්මක නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. කුරුණෑගල රණවිරු ස්මාරකය විවෘත කිරීමේ අවස්ථාවට අද පස්වරුවේදී එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
රණවිරුවිරුවන් දඩයම් කරන බවට වත්මන් ආණ්ඩුවට චෝදනා කළත් සත්‍ය ලෙසම රණවිරුවන් දඩම් කළේ පසුගිය ආණ්ඩුව බවත් යුද්ධය ජයග්‍රහණය කළ හමුදා සේනාධිපතිවරයා ජම්පර් අන්දවා, පටි ගලවා සිර ගත කළේ පසුගිය ආණ්ඩුව බවත් ඔහු ප්‍රකාශ කළේය.
රණවිරුවන් දඩයම් කරන බවට වත්මන් ආණ්ඩුවට එල්ල කරන චෝදනා ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට සිදුකරන දේශපාලන කුමන්ත්‍රණයක් බවත් ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.