එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වාර්තාවට අනුව රණවිරුවන්ට එරෙහිව බරපතළ චෝදනා එල්ල කර තිබුණහොත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස වගකීමෙන් නිදහස් කිරීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
බ්‍රිතාන්‍යයේ ආරම්භ වූ මෙම සංකල්පය ශ්‍රී ලංකාවද අනුගමනයක් ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.
ශ්‍රී ලංකාව මීට පෙර අවස්ථා තුනකදී වගකීමෙන් නිදහස් කිරීමේ පනත් හදුන්වා දී තිබෙන බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.
1915 සිංහල මුස්ලිම් ගැටුම වෙනුවෙන් පොලිස් හා හමුදාව නිදහස් කිරීමට 1915 රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කල බවද 1977 කැරලිකාරීත්වය මර්ධනය කිරිමේ වෙනුවෙන් රාජ්‍යය නිලධාරීන් නිදහස් කිරීම වෙනුවෙන් 1982 අංක 20 දරණ වගකීමෙන් නිදහස් කිරීමේ පනත එජාප ආණ්ඩුව පාර්ලිමේන්තුවේ අනුමත කළ බවද 1987 ජවිපෙ කැරැල්ල මර්ධනය කිරීමේ හමුදාව නිදහස් කිරීමට 1988 අංක 60 දරණ වගකීමෙන් නිදහස් කිරීමේ පනත හදුන්වා දුන් බවද මන්ත්‍රීවරයා පැවසීය.