ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂන අංශය පසුගිය දිනවල කළ වැටලීම්වලින් විදේශ රටවල රැකියා අවස්ථා ලබා දෙන බව පවසා වංචනික අයුරින් මුදල් වංචාකළ පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. මෙවැනි පුද්ලගලයන් පිළිබදව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දිගින් දිගටම විමර්ශන කරන අතර වරදකරැවන් පිළිබදව නිති මගින් කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මේ ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරැ දන්නේ නම් කාර්යංශය වෙත 01122864119 දුරකතන අංකය ඔස්සේ දැනුම්දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලාසිටියි.