රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය හා නිදහස වැඩියි
ආණ්ඩුවේ වත්මන් ගමනත් සමග ජනතාවට හා ප්‍රජාත්‍රන්ත්‍රවාදය හා නිදහස වැඩිපුර ලැබී ඇති හෙයින් එය අයුතු ලෙස භාවිතා කිරීම් වැඩි නිසා රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය හා නිදහස වැඩියිදෝ කියා සිතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ප්‍රංශයේ පැරිස් නුවර එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ වාර්ෂික සම්මේලනය අමතමින්ය.
“අද මට හිතෙනවා ප්‍රජාත්‍රන්ත්‍රවාදය නිදහස වැඩියිදෝ කියලා. මේ නිසා හොරුන්ට ඉක්මනට ඇප ලැබෙනවා. කම්බ හොරු ටික වීරයෝ වගේ ඉන්නවා, හොඳ මිනිස්සු ටික හොරා වගේ ඉන්නවා, හැමදාම උද්ඝෝෂණ වැඩ වර්ජන තියෙනවා, මාධ්‍ය ඔක්කොම වගේ ආණ්ඩුව විචේචනය කරනවා.
මගේ විශ්වාසයක් තියෙනවා මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් හොරා කෑවා නම් ඒවා මොන විදිහකට හරි අහුවෙන්න ඕනේ. ඒ නිසා පැටලිලා තියෙන නූල් බෝලය එක මොහොතකදී අහුවෙනකම් තමයි මේ ප්රශ්නය තියෙන්නේ.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

