හිටපු රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය රජිව් විජේසිංහ මහතා අද (17දා) විපක්ෂයේ අසුන් ගත්තේය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිට මෛත්‍රීපාල සිරිසේන මහතා හා පොදු විපක්ෂයට එක්වූ පිරිස අතර රජිව් විජේසිංහ මන්ත්‍රීවරයාද විය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිනී ක්ෂණිකා හිරඹුරේගම මහත්මිය ඉවත්කිරීම ඇතුලු කාරණා කිහිපයක් මුල්කරගනිමින් ඔහු විපක්ෂයේ අසුන් ගත්තේය.