රජරටින් රජෙක් බිහිවෙනවා- මෛත්‍රී
අනුරාධපුර හා පොලොන්නරුව යුගයෙන් පසුව නැවතත් රජරටින් රජෙක් බිහිවෙන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24දා) සවස අනුරාධපුරයේ චාරිකාවක නිරතවීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් පැවැසීය.
මෙහිදී අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදුටු සිරිසේන මහතා උන්වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට ගිය අතර, මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනයක් පවත්වා ඔහුට ආශිර්වාද කළහ.
පසුව රුවන්වැලි මහාසෑය වැඳ පුදාගැනීමනීමට ඔහු කටයුතු කරනු ලැබීය.
"රටේ ජනතාව වෙනුවෙන් මෙවැනි තීරණයක් ගන්න සිදුවුණා. රටේ නීතිරීතිවලට අනුකූලව ඡන්ද ව්‍යාපාරය කරගෙන යනවා. මේ දවස් තුනට රටේ විශාල වෙනසක් සිදුවී තිබෙනවා. සියලු දෙනාගේම ආශිර්වාදයෙන් මෙම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කර දැහැමි පාලනයක් ගෙනයනවා. අනුරාධපුර, පොළොන්නරුව යුගයෙන් පස්සේ නැවතත් රජරටින් රටට රජෙක් බිහිවෙනවා" යනුවෙන් සඳහන් කළේය.
මෙම අවස්ථාවට කරු ජයසූරිය, දයා ගමගේ, අර්ජුන රණතුංග, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, දුමින්ද දිසානායක යන මහත්වරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
අනුරාධපුර බී.ජී. චතුරංග/ තිසර සමල්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

