රජයේ සේවකයන්ට වැඩිකළ රුපියල් 10,000 දීමනාවෙන් රුපියල් 2,000ක් ලබන වසරේ සිට රජයේ සේවකයන්ගේ මූලික වැටුපට එක් කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (14දා) පැවැසීය.
පාර්ලිමේන්තුවේ විශේස ප්රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ ඉතිරියද ක්රමානුකූලව මූලික වැටුපට එක් කරන බවයි. එසේම බැංකු ණය ලබාදීගැනීමේ රැපියල් 10,000 මුදල සලකා බලන බවත් ඔහු පැවැසීය.
සේවක අර්ථ සාධක මුදල හා සේවක භාරකාර මුදල එක් නොකරන බවත් එය මහ බැංකුව මගින් පාලනය වෙනු ඇති බවත් අග්රාමාත්යවරයා සඳහන් කළේය.
විශ්රාම වැටුප පිළිබඳව අවසන් තීරණයක් ගන්නේ සාකච්ඡාවලින් පසුව බවත් පසුගිය ආණ්ඩුව 2005 වසරේ සිට විශ්රාම වැටුප් ගෙවීම සඳහා මුදල් වෙන් කර නැති බවත් ඔහු සඳහන් කළේය.
එසේම රුපියල් 5,000 කළ දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 1,500ක් දක්වා අන්තර්කාලීන පියවර්ක් වශයෙන් අඩුකිරීමට තීරණය කළ බවත් අගමැතිවරයා සඳහන් කළේය.
ආදායම් බලපත්ර ගාස්තුව 25% සිට 15% දක්වා අඩුකරන බවත් අග්රාමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.