රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයපැවැත්වූ විශේෂඥ වෛද්‍යවරයාගේ සහ රස පරීක්ෂකවරයාගේ විද්‍යාත්මක සාක්ෂි දෙකක් යටතේ පරීක්ෂණ පැවැත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ඊයේ (26දා) පවැසීය.
එහිදී රස පරික්ෂකවරයා ඒ සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කළ නොහැකි බව සඳහන් කර ඇති බවත්, එහෙත් විශේෂඥ වෛද්‍යවරයාගේ මතව අනුව එය ස්වාභාවික මරණයක් නොවන බවට තීරණය වී ඇති බවත් පැවසූපොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ නිසා ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇතැයිද සඳහන් කළේය.