ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව දෙකඩ කිරීමට සහ කොටස් වෙළෙඳ පොළ තුළ විකිණීමට මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට විරෝධය පාමින් රක්ෂණ සංස්ථා සේවකයෝ අද (29දා) විරෝධතාවක නිරත වූහ.
යුනියන් පෙදෙසේ සිට අරලියගහ මන්දිරය දක්වා විරෝධතාකරුවන් පැමිණියේ පපරේ සංගීතයට අනුව නර්තනයේ යෙදෙමිනි.
අවසානයේ සති දෙකකින් තීන්දුවක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවන බව පවසමින් ඔවුහු විසිර ගියහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ