පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සාකච්ඡාවකට දුරකතන ඇමතුමක් ලබාදීමෙන් තමන්ට අපහාස කළයැයි ක්‍රීඩා ආමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මිරිහාන පොලීසියට කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් මිරිහාන පොලීසිය ප්‍රශ්න කර තිබේ.
කෙසේ වෙතත් රංජන් රාමනායක මහතා තමන් එම සිද්ධියට සම්බන්ධ නැති බව පවසා තිබේ.