යුරෝපා සංගමයේ සාමාජික රටවලට ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමට දැනට පනවා තිබූ තහනම පූර්ණකාලීනව ඉවත් කිරීමට අදාළ නෛතික ක්‍රියාමාර්ග ඇතුළත් පනත් කෙටුම්පත හෙට (18දා) පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිතය.
එකී පනත ධීවර හා ජලජ සම්පත් පනතට සංශෝධනයක් ලෙස ගෙන එනු ලබයි.
මේ තුළින් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා ජාත්‍යන්තර මුහුදේ නීතිවිරෝධී මසුන් මැරීමේ ක්‍රම භාවිතය අධෛර්යමත් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගනු ලබයි. නවරජය බලයට පත්වීම සමග බ්රසෙල්ස් නුවර පැවැති රාජත්‍රාන්තික සාකච්ඡාවලට පසුව රජය මෙම තීරණය ගෙන ඇත.