නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්රිෂාන්ත ද සිල්වා මහතාසහ ශ්රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක්අද (09දා) පෙරවරුවේ ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.
එහිදී ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එම්.ඩී.ඒ.පී. පායෝ මහතා විසින් යුද හමුදාධිපතිවරයාපිළිගන්නා ලද අතර, ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදී.
ඉන් අනතුරුව ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා සහයුද හමුදාධිපතිවරයා සුහද කතාබහකද නිරත වූහ. මෙහිදී දෙපාර්ශ්වය මෙම හමුවීම සිහිපත් වීම පිණිස සමරු ඵලක හුමවාරු කරගත් අතර,යුද හමුදාපතිවරයා සමරු සටහනක් තැබීමද සිදුකළේය.
ගුවන් හමුදා මාණ්ඩලික ප්රධානී ඇතුළුඅධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරීහුද මෙම අවස්ථාවට සහභාගී වූහ.
.jpg)