යුද්ධයේ වීරයා කරු ජයසූරිය මහතා බව එක්සත් භික්ෂු පෙරමුණ පවසයි. එහි ලේකම් බෝපිටිගේ ධම්මිස්සර හිමියන් සඳහන් කළේ, කරු ජයසූරිය මහතා තවත් මන්ත්රීවරුන් පිරිසක් සමග ආණ්ඩුවට ගොස් සහාය පළනොකළේ නම් යුද්ධය අවසන් කිරීමට අවස්ථාවක් නොලැබෙන බවයි.
පුස්තකාල ප්රලේඛන සේවා මණ්ඩලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසූ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ, විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුත්තේ ඒ මහතා බවයි.
ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකගේ කැමැත්ත ලැබී ඇති බවත් ධම්මිස්සර හිමියෝ කියා සිටියහ.