යාපනයේ උසස්පෙළ සිසුවෙකු අතුරුදන්
කිලිනොච්චිය පුනරීන් සිට යාපනය දක්වා දර රැගෙන ගිය 17 හැවිරිදි උසස්පෙළ සිසුවෙකු පසුගිය 29 වනදා සිට අද (03දා) වනතුරු අතුරුදහන්ව ඇති බවට පුනරීන් පොලීසියට හා යාපනය පොලීසියට පැමිණිලි ලැබී ඇත.
පසුගිය 29 වනදා සවස එම පාසල් සිසුවා යාපනය කච්චේරිය අසළ පිහිටි නො.44/12 ඒ-9 පාර සින්නයියා මරකන්දන් නැමති ලිපිනයට පාපැදියකින් දර රැගෙන ගොස් ඇති අතර දර ලබා දීමෙන් පසුව එදින අඳුර වැටී ඇති හෙයින් නිවෙස් හිමියන් විසින් පාසල් සිසුවාට එම නිවසේ නවාතැන් දී ඇති අතර පසු දින (30) අළුයම 5.30ට පමණ පාසල් සිසුවා විසින් එම නිවසෙන් පිටත් වූ බවට නිවෙස් හිමියන් විසින් යාපනය පොලීසියට පවසා ඇත.
කිලිනොච්චිය පුනරීන්හි 6 කණුව ප්රදේශයේ පදිංචි සිවකුමාර් ජෙයරාජ් නැමති සිසුවා ඉගෙනුම ලබන්නේ පුනරීන් විග්නේස්වරා විදුහලේ උසස්පෙලය.
කෙසේ වෙතත් 30 වනදා පිටත් වූ පාසල් සිසුවා දින හතරක් නොමැතිවීම නිසා පුනරීන් පොලීසිය හා යාපනය පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


