යාපනය සරසවියේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සියලුම වසර වලට අයත් සිසු සිසුවියෝ අද (20දා) පංති වර්ජනයක නිරත වී සිටිති. විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් සිසුන් 08 කට සිදු කළ පංති තහනම ඉවත් කරගන්නා ලෙසට ඉල්ලමින් ඔවුන් මෙම පංති වර්ජනය ආරම්භ කර තිබේ.
යාපනය සරසවියට පැමිණි නවක සිසුන්ට පහරදීම හා නවක වදය ලබාදීමේ සිදුවීමක් මුල්කරගෙන සිසුන් අටදෙනාට එරෙහිව පංති තහනම පනවා තිබේ.
පංති තහනම් කිරීමට විරෝධය පාමින් පසුගිය 28දා සිට විද්‍යා අංශයේ එක සහ දෙක වසර වල සිසුන් පංති වර්ජනය කළ අතර අද දිනයේදී එක,දෙක,තුන හා හතර යන වසර වලට අයත් සිසු සිසුවියෝ 930 ක් පමණ මෙම වර්ජනයට එක්ව සිටිති.