යාපනය ශික්ෂණ රෝහලේදී හෘද සැත්කමක් සාර්ථකව සිදුකළ බව හෘද විශේෂඥ වෛද්‍යවරු පවසති.
වවුනියාවේ පදිංචි එස්.රාජසේකරන් (අවු.27) මහතාට මෙම හෘද සැත්කම සාර්ථකව සිදුකර තිබේ.
මේ සැත්කම සාර්ථක කරගැනීම සඳහා හෘද රෝග විශේෂඥ වෛද්‍ය එම්.එස්.මුගුන්තන් සහකායික රෝග විශේෂඥ වෛද්‍ය එස්.ප්රේම්ක්රිෂ්ණා යන මහත්වරුන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම රෝගියා යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සුවෙන් පසුවන බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය එම්. සත්‍යමුර්ති මහතා පවසයි.
මෙම සැත්කම සිදු කිරීමෙන් පසු ඒ පිළිබඳ තොරතුරු රෝහල් අධ්යක්ෂවරයා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දුරකථනයෙන් දැනුම්දී තිබේ.