යාපනය මුහුදේදී අතුරුදහන් වූ ධීවරයන් තිදෙනා සමග ඔවුන් ගමන්ගත් ධීවර යාත්රාව අද (29) අලුයම නැවත පැමිණ ඇති බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන් පවසයි.
කූරිකට්ටුනවාන් ධීවර ජැටියෙන් පසුගිය 26 වැනිදා සවස ධීවර කටයුතු සඳහා මුහුදු ගිය මෙම තම යාත්රාවේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පසුදින පැමිණීමට නොහැකි වූ බවත් දිනක් පුරාවට එය සකසා ගැනීමෙන් පසු නැවත ගොඩබිමට පැමිණි බවත් එම ධීවරයන් තිදෙනා පැවසීය.
මෙසේ අතුරුදහන් වූවේ යාපනය නාවන්තුරෙයි උතුර ප්රදේශයේ පදිංචි ටී.මැල්කන්, සෙබමාලෙයි ඇලෙක්ස් සහ ඒ.රූබන් නැමති ධීවරයන් වන අතර ඔවුන් සෙවීම සඳහා නාවික හමුදාව හා පොලීසියද ඊයේ (28) දින සෝදිසියක් දියත් කර තිබේ.