යාපනයට දුම්රිය ධාවනය අරඹා සති දෙකක කාලය තුළදී රුපියල් මිලියන 14 ක ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට උපයා ගැනීමට හැකිවූ බව දුම්රිය වාණිජ අධිකාරි සිසිර කුමාර මහතා 'අද' ට පැවසීය.
ඉදිරියේදී දිනපතා කොටුව-යාපනය දක්වා ධාවනය වන දුම්රිය වාර වැඩිකිරීමටද කටයුතු කරන බව හෙතෙම පැවසීය