යාපනය ගැටුමේ සැකකරුවන් 05 රිමාන්ඩ්
යාපනය මල්ලාකම් ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් 05දෙනා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් මහෙස්ත්‍රාත් ඒ. ඇලෙක්ස්රාජා මහතා නියෝග කර තිබේ.
පසුගිය 17 වැනිදා රාත්‍රියේ මල්ලාකම් ප්‍රදේශයේ දේවස්ථානයක වාර්ෂික මංගල්‍යය අවස්ථාවකදී දෙපිරිසක් අතර ගැටුමක් හටගත් අතර එය පාලනය කිරීමට එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ගැටුමට සම්බන්ධ පිරිස් විසින් පහරදී තිබේ. එහිදී පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකුට පහරදී පිස්තොල්ය උදුරාගැනීමට තැත් කළ අවස්ථාවේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් 25 හැවිරිදි තරුණයෙකු ජීවිත්ක්ෂයට පත් විය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලේ හා චුන්නාකම් පොලිසියේ ප්‍රධානත්වයෙන් අංශ කිහිපයක් ඔස්සේ සිදු කරන ලද පරීක්ෂණවලින් අදාළ ගැටුමට සෘජුවම සම්බන්ධ වූ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඊයේ (18දා) සවස මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


