යාපනය වැල්වැටිතුරෙයිඌරික්කාඩු ප්රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරෙහි රාජකාරියේ යෙදී සිටි යුද හමුදා සෙබළෙකු ග්රයින්ඩර් තලයක් හිසේ වැදීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව ඊයේ (14 දා)මිය ගොස්ඇත.
මාවතගම ප්රදේශයේ පදිංචි අවුරුදු 25ක් වයසැති සෙබළෙකුමෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම සෙබළා ග්රයින්ඩරයක් ආධාරයෙන් බැරලයක් කපමින් සිටියදී එක වරම එහි තලය ගැලවී ඔහුගේ හිසේ වැදීමෙන් බරපතළ තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවට වැල්වැටිතුරෙයි පොලීසිය කියා සටියේය.