යහපාලනය සාර්ථක කරගන්නට තව බොහෝදුර යායුතු බව අගමැතිවරයා පවසයි. ඒ යහපාලන ආණ්ඩුවේ තුන්වැනි සංවත්සරය සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයකිනි.
අගමැතිවරයා එහිදී “අපගේ පොරොන්දුව වූයේ රට නිවැරදි මඟට ගැනීමට නම් 2015 ජනවාරි 8 වැනිදා අපට ඡන්දය ලබා දෙන ලෙසය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනංවා, රජයේ අනුග්‍රහය සහිතව සිදු කෙරුණු නීති විරෝධී ප්රචණ්ඩත්වය මුලිනුපුටා දමා, අපගේ නීති පද්ධතියේ සහ අපරාධ නීති පද්ධතියේ ස්වාධීනත්වය සහ ගෞරවය රැක ගැනීමට එහිදී අප පොරොන්දුවීමු. එම ගමන සාර්ථක කරගැනීමට තව බොහෝ දුර යායුතු වුවත්, මේ දක්වා පැමිණි ගමනේදී මුහුණදුන් බාධක සහ අභියෝගවලට සාර්ථක ලෙස මුහුණදුන් ආකාරය පිළිබඳව අපට බොහෝසෙයින් සතුටු විය හැකිය.” ලෙසින් වැඩිදුරටත් සඳහන් කර තිබිනි.
එම ලිපිය පහතින්,