වසර ගණනාවක් පුරාවට ගතයුතු ක්රියාමාර්ග හරිහැටි ඉටුනොකිරීම තුළ අද වනවිට යහපාලනය නැතිවී ගොස් ඇතැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
රාජ්ය හා පෞද්ගලික අංශවල ක්රියාපටිපාටි, ක්රමවේද තුළින් යහපාලනය ගොඩනැගිය යුතු වුවත්, යහපාලනයක් නොමැති බව කියමින් රජයට චෝදනා කළද, ඒ සඳහා ප්රධාන හේතුවක් තිබූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ඒ අතර ත්රස්තවාදයද ප්රධාන කරුණක් වූ බවද හෙතෙම සඳහන් කළේය.
ලේකම්වරයා මේ බව පැවසුවේ අද (04දා) කොළඹ පැවැති උත්සවයකදීය.