යර්සිකා සොයා පුළුල් මෙහෙයුම්
කිලිනොච්චිය, උරුදිපුරම් ගම්මානයේදි පසුගිය 21 දා සවස අතුරුදහන් වූ අවුරුදු 3 ක් වයසැති දැරිය සොයා පොලීසිය සහ පොලීස් විශේෂ කාර්ය බලකා සෙබලුන් එක්ව පුළුල් සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇතත් මේ දක්වා දැරිය හමු වී නොමැත.
උරුදිපුරමි, ප්රදේශයේ පදිංචිව සිටි උදයකුමාර් යර්සිකා නමැති තුන් හැවිරිදි දැරිය මෙසේ අතුරුදහන්ව ඇත්තේ දැරිය දැරියගේ මව සමඟ නිවසට ඔබ්බෙන් වු ඇළක දිය නෑමට ගොස් ඇති අතර,දැරිය නෑවීමෙන් අනතුරුව දැරියගේ මව අසල්වාසියෙකු සමඟ දැරිය නිවස වෙත පිටත් කළ බව දැරියගේ මව විසින් කිලිනොච්චි පෙලීසියට දන්වා ඇත.
දැරියගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් දැරියගේ මවගේ ප්රකාශයන් මත සැකකරුවන්ගෙන් ප්රශ්න කිරීමට නියමිත බවටද කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.
දැරිය සොයා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන්ට අමතරව උරුදිපුරම් ගම්වාසීන්ද ප්රදේශයේ පාලු ඉඩම් හා නිවාස මෙන්ම වැව් ඇල මාර්ග වලද සෝදිසි කිරීම් සිදු කරමින් සිටිති.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

