ඉදිරි ජනපතිවරණයේදි පොදු අපේක්ෂක ලෙස පත්ව සිටින හිටපු ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට නොයන බවට ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් අදහස් දක්වමින් පැවැසීය.
විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා නිවේදනයකින් කියන්නේ තමන් කිසිවිටකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්නොහරින බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණ පැවැති කාන්තා රැස්වීමක් අමතමින් සඳහන් කළේ තමන්ට හා පියාට කොතරම් කෙනහිළකම් සිදු වුවත් මෙවර මහින්ද රාජපක්ෂ මහතා දිනවිමට කටයුතු කරන බවයි.
මේ අතර සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා පොලොන්නරුවේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පැවැසුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පක්ෂය හැර දා ගියත් තමන් නොයන බවයි.
පොලොන්නරුව වැඩිදුර වාර්තා තුෂාර තෙන්නකෝන්