පන්නල, ජනහිතගමදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරින් එම යතුරු පැදි දෙක ධාවනය කළ ධාවකයන් දෙදෙනා එම ස්ථානයේම මියගොස් තිබේ.
අද (04දා) සිදුවූ මෙම අනතුරින් මිය ගිය එක් අයෙක් යුද හමුදා මේජර්වරයෙක් වන අතර ඔහු නිවාඩු ලබා පැමිණ ඇති අයෙකි. යක්විල බෝවත්තේ පදිංචිව සිටි 45 හැවැරිදි මහේෂ් රත්නායක නම් මේජර්වරයෙකු මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් මිය ගිය අනෙක් පුද්ගලයා නාත්තණ්ඩියේ පදිංචි 47 හැවැරිදි මංජුල සම්පත් නැමැති පුද්ගලයෙකි. පන්නල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.