ADA
www.ada.lk
2025 ජුනි මස 29 වන ඉරිදා
ගලඋඩ - කන්දකැටිය ප්‍රධාන මාර්ගයේ කන්දකැටිය ගොඩිගමුව හංදිය අසලදී අද (21දා) යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු බරපතළ තුවාල ලබා කන්දකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කන්දකැටිය, වියලුව, ඩී.එස්. සේනානායක ජාතික පාසලේ 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කේ.එම්. තරිඳු රුක්ෂාන් ජයසේකර (අවු.14) නමැත්තෙකි.
මරණයට පත් සිසුවා අසල්වැසි තරුණයෙකුට අයත් යතුරු පැදියක් ඔහුට නොදන්වා පදවාගෙන යමින් සිටියදී අනතුරට ලක්ව ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මීගහකිවුල - එන්.කේ. නිශ්ශංක
popular news
පොලිස් ලොක්කෙකුගේ එළවළු වගාවක් නිසා පොලිස් ස්ථානාධිපතිවරුන් පීඩාවට?
මට අවුරුදු 61 යි, මම තවමත් ඉරිදා පත්තර වල මංගල යෝජනා බලනවා
ට්‍රම්ප්ගෙන් ඊශ්රායෙලයට අනතුරු ඇඟවීමක්
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
ඊශ්රායෙලයට ඔත්තු බැලූ පුද්ගලයන් තිදෙනෙක් එල්ලා මරා දමයි
අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය ලේකම්ට අධිකරණය දුන් නියෝගය මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd