පොලොන්නරුව - හබරණ මාර්ගයේ බැඳිවැව ප්රදේශයේදී යතුරු පැදියක් බසයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන්ගත් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අද අලුයම මෙම අනතුර සිදුව තිබේ.
තරුණයින් සිවුදෙනා ගමන් ගත් යතුරුපැදිය පොළොන්නරුව සිට බැඳිවැව දක්වා ගමන් කරමින් තිබියදී කොළඹ සිට මඩකලපුව දක්වා ගමන් ගත් පෞද්ගලික බසයක ගැටී අනතුර සිදුව තිබේ.