ස්ථාන දෙකකදී සිදුවූ දුම්රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.
ඊයේ (14දා) මෙම දුම්රිය අනතුරු දෙක සිදුව තිබේ. මාතර සිට වවුනියාව බවා ධාවනය වූ දුම්රියේ නාඳුනන පුද්ගලයෙකු බම්බලපිටියේදී ගැටී සිදුවූ අනතුරකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.
හබරාදූව පොලිස් වසමේදී තල්පේ උතුර දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය වූ ත්රිරෝද රථයක් මාතර සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්රිරෝද රථයේ රියදුරු ජීවිත්ෂයට පත්ව ඇත.