ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහුගේ ආරක්ෂාව පිළිබඳව මේ වන විට විශේෂ අවධානයක් යොමු කර තිබේ. එහි එක් පියවරක් ලෙස කඳුකරයේ පවතින බඹර කූඩු ඉවත් කිරීමටද හැටන් පොලිස් අධ්යක්ෂවරයාගේ මැදිහත්වීම මත කටයුතු යොදා ඇත.
මෙම සංචාරය අතර තුරදී ඔහු කඳුකරයට පැමිණ එහි ජනතාව හමුවීමට නියමිත අතර එහිදී ඇතිවිය හැකි බඹර ප්‍රහාර වැළැක්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හෙලිකොප්ටරයකින් වතුකරයට පැමිණීමට නියමිත අතර එහිදී විශාල ගස් මත පවතින බඹර වද ඇවිස්සීමට ඉඩ ඇති හෙයින් මෙම පියවර ගෙන ඇත. ඒ අනුව දික්ඔය ප්‍රදේශය මූලික කරගනිමින් මේ වන විට මෙම ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වෙයි.