ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මෝටර් රථවාහන ආදායම් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීම හඳුන්වාදීම ඊයේ (02දා) ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ලබුදූව දක්ෂිණපාය අමාත්‍යාංශ සංකීර්ණ ශ්‍රවණාගාරයේදී සිදුවිය. එහිදී දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සමන් පාඬිකෝරාළ මහතා තම මෝටර් රථයට අදාළ ආදායම් බලපත්‍රය ප්‍රථමවරට අන්තර්ජාලය ඔස්සේ ලබාගත් අතර, එම අදායම් බලපත්‍රය ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් සමන් පාඩිකෝරාළ මහතාට පිරිනැමිණි.
දකුණු පළාත් මහ ඇමති ෂාන් විජයලාල් ද සිල්වා, රාජ්‍ය නිලධාරී තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්යක්ෂ වසන්ත දේශප්‍රිය සහ දකුණු පළාත් ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.කේ.කේ. අතුකෝරාළ යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ගාල්ල රවිඳු දීයගහගේ සහ ජිනේෂ් නානායක්කාර