මොසැම්බික් රාජ්‍යයේ වෙරළට ගසාගෙන පැමිණ මේ මස මුලදී හමුවූ ගුවන් යානා සුන්බුන්, මීට වසර දෙකකට පෙර අතුරුදන් වූ MH370 යානයට සම්බන්ධ කොටසක් බවට තහවුරු වී ඇතැයි ඔස්ට්‍රේලියාව කියයි.
පුද්ගලයන් 239 දෙනෙකු රැගෙන මැලේසියාවේ ක්වලලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබියදී 2014 මාර්තු මාසයේදී අතුරුදන් වූ මැලේසියානු යානය සොයා ලෝකයේ එදාමෙදාතුර සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකරමින් පැවතුණත් ඒ පිළිබඳ නිවැරදිම හෝඩුවාවක් මෙතෙක් හමුවී නොතිබුණි.
මෙම කොටස පරීක්ෂා කිරීමට ඔස්ට්‍රේලියාව වෙත පැමිණි මැලේසියානු රජයේ පර්යේෂකයන් පවා මෙම සුන්බුන් අතුරුදන් වූ බෝයිං 777 යානයේ කොටස් බවට තහවුරු කරගෙන ඇතැයි එරට යටිතලපහසුකම් හා ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍ය ඩැරන් චෙස්ටර් පවසන්නේ සුන්බුන් පිළිබඳ පරීක්ෂණ අවසන්ව ඇති බවත්, එම කොටස් අතුරුදන් යානයේ බවට බොහෝ දුරට තහවුරු වී ඇති බවත්ය.
මෙම යානා කොටස් පරීක්ෂාව සඳහා ඔස්ට්‍රේලියානු, මැලේසියානු විශේෂඥයන්ට අමතරව බෝයිං සමාගමේ විශේෂඥයන්ද සහභාගී වී සිටියහ.
මීට පෙර 2015 ජුනි මාසයේදී ප්‍රංශ රීයූනියන් දූපතේදීද මෙම යානයේ සුන්බුන් කොටසක් හමුවූ අතර, ඉන් පසුව යානයේ සුන්බුන් බවට තහවුරු කරගත් දෙවැනි කොටස මෙය ලෙස සැලකෙයි.