චීන සිනෝහයිඩ්‍රෝ සමාගම විසින් ඉදිකරන ලද මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බාර දීම ජනවාරි 8 දා සිදු වෙයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මොරගහකන්ද වේල්ලෙදී මෙම බාර ගැනීමට නියමිතය.
මෙහිදී මොරගහකන්ද හා කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ වාන් දොරටු විවෘත කිරීම ද සිදුකෙරෙයි.
මෙමගින් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ගොවි ජනතාව වෙත ජලය මුදා හැරෙයි.
ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙය ක්‍රියාත්මක වන අතර දැනට මෙහි ජල ධාරිතාව අක්කර අඩි 455,000 කි. මෙම ව්‍යාපෘතියේ කළුගඟ වේල්ල මෙම වසර අවසානයේ දී නිම කිරීමට නියමිතය.
දෙවන අදියර ලෙස 2021 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයට ජලය ලබා දීමට කටයුතු කරයි. තෙවන අදියර ලෙස ඉරනමඩුව නගරයට ජලය මුදා හැරීමට නියමිතය.