මොරගහකන්ද ජලාශයේ රඳවාගෙන සිටි ජලයෙන් අක්කර අඩි හතලිස් පන්දහසක ජල ප්‍රමාණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අද (16දා) වනවිට මුදා හැර ඇතැයි ව්‍යාපෘති කාර්යාලය පවසයි.
ගොවීන්ගේ යල කන්නයේ වගා කටයුතු සඳහා මෙම ජලය මුදාහල බව මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී. ජී. දයානන්ද මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
මෙම ජලය අඹන් ගඟ ඔස්සසේ ඇලහැර, මින්නේරිය, කව්ඩුල්ල සහ කන්තලේ ගොවි ජනපදවල ගොවීන්ගේ වගාකටයුතු සඳහා මුදාහල බව දයානන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නාඋල - ඉන්දික අරුණ කුමාර