බුදුරුවගල පුරාවිද්‍යාත්මක ස්ථානය සංචාරකයන් සඳහා විවෘත කිරීම සහ මොනරාගල සංවාරක ප්‍රවර්ධන සැලැස්ම අද(23දා) දිනයේදී එළිදැක්වු බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා අදට පැවසීය.
මාලිගාවිල, බුතිගල, හබැස්ස ආදී ප්‍රදේශ මේ යටතේ සංචාරක කලාපයට ඇතුළත් වන අතර, දෙස්විදෙස් සංචාරකයන් ආකර්ෂණය කරගත හැකි අයුරින් මෙම පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කර ප්‍රදර්ශනයට විවෘත කරන බවද ගුණවර්ධන මහතා පවසා සිටියේය.
මහායාන බුදුදහමට ආදාළ බුදුරාජාණනන් වහන්සේගේ ගලෙන් නෙලන ලද බුදුපිළිම බුදුරුවගල ඇති අතර, එම ස්ථානය පුරාවිද්‍යාත්මක වශයෙන්ද වැදගත් ස්ථානයකි.