මොනරාගල මහඅරාව වැවේ බැම්ම කැඩීයාම නිසා ප්‍ර‘දේශය අවට මාර්ග කීපයක් ජලයෙන් යටවී තිබෙන බව වාර්තා වේ.
මොනරාගල දිස්ත්‍රික්කයට ඊයේ (13දා) රාත්‍රියේ ඇදහැලුණ අධික වර්ෂාව හේතුවන් මෙම වැව් බැම්ම කැඩීයාමට ලක්ව ඇති අතර මේ හේතුවෙන් ඒ අවට පදිංචිකරුවෝ රැසක් දැඩි පීඩාවට පත්ව සිටිති.
මේ හේතුවෙන් වැල්ලවාය සොමියල් ප්‍ර‘දේශයේ උද්ගතව ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍ර‘දේශයේ නිවාස ගණනාවක් ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
අද දිනය තුළත් වැසි ඇතිවීමේ අවදානමක් ඇතිවී තිබෙන නිසා ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පසුගිය වසරක පමණ කාලය සිට මොනරාගල දිස්ත්‍රික්කයට බලපෑ වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජනතාව විශාල ලෙස පීඩාවට පත්ව සිටියහ.