නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත්කරවාගැනීම,මහබැංකු බැඳුම්කර සිද්ධියට චෝදනා ලැබූවන්ට අධිකරණයේ නඩු පවරා දඬුවම් ලබාදීම, ජාතික සම්පත් සම්බන්ධව ජාතික මණ්ඩලයක් පත් කර ඒ සඳහා සිවිල් සමාජයේ දේශප්‍රේමීන් කිහිප දෙනෙකු පත් කිරීම යන කොන්දේසි තුන ඉෂ්ට කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලිඛිතව පොරොන්දුවක් ලබාදෙන්නේ නම් ඔවුන් දෙදෙනා සමගි කිරීමට තමන් වහන්සේ සූදානම් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.
ජනාධිපතිවරයා,හිටපු ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ඇතුළු ඕනෑම අයෙකු හමුවී එකඟකරවාගැනීමට තමන් වහන්සේ සූදානම් බවත්,එවැනි සාකච්ඡාවක් ඇති කරගැනීම සඳහා මෙරට ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා සූදානමින් සිටින බවත් එහිමියෝ ප්‍රකාශ කළහ.
කිසිදු දේශපාලන පක්ෂයක් ජයග්‍රහණය කරවීමට තමන් වහන්සේට උවමනාවක් නැති බවත්,සියල්ලට ප්‍රථම රට බේරාගත යුතු බවත් පැවසූ ගුණවංශ හිමියෝ මේ යන ලෙස ගියහොත් ඉදිරි අවුරුදු දෙක අවසානයේ රටේ කිසිදු සම්පතක් ඉතිරි නොවනු ඇති බවද සඳහන් කළහ.
මෛත්‍රී-මහින්ද හමුවක් ඇතිවීමට තිබුණේ මීට පෙර බවත්,එවැනි එකඟතාවක් ඇතිකරගැනීමට නොහැකිවීම හේතුවෙන් මේ වනවිට රටට බොහෝ හානි සිදුව තිබෙන බවත් එහිමියෝ පෙන්වා දුන්හ.