ලංකාවේ ජනාධිපතිවරයාට විරුද්ධව චීනයේ විවිධ සංවිධාන සමාජ රැල්ලක් ඇතිකර ඇති බවත්, එය ලංකාවට බෙහෙවින් අවාසි සහගත කාරණයක් බවත් ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමය පැවසීය.
වරාය නගර ව්‍යාපෘතිය නතර කිරීම සම්බන්ධව කරුණු දැක්වීමට අද (24දා) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එම සංගමයේ සාමාජිකයෝ මේ බව පැවසූහ.
වරාය නගරය පිළිබඳ කිසිදු අධ්‍යයනයකින් තොරව වත්මන් අග්‍රාමාත්‍යවරයා වරාය නගරයේ ඉදිකිරීම් නතර කළ බවත්, අඩුපාඩු ඇත්නම් ඒ පිළිබඳව සොයාබලා ක්‍රමානුකූලව කටයුතු කිරීමට තිබූ බවත් ඔවුහු පවසා සිටියහ.චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රතාව සඳහා දීර්ඝ ඉතිහාසයක් ඇති බවත්, එය පළුදුවීමට ඉඩ නොදිය යුතු බවත් ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමය මෙහිදී ප්‍රකාශ කළේය.