මෛත්‍රී විධායක ජනපති ක්‍රමය අහෝසි කරාවි - ටීඑන්ඒ
මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා දින 100ක් තුළ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බව පැවසූ බවත්, ඔහු එය සිදුකරනු ඇති බවට විශ්වාසයක් ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතා පවසා තිබේ.
'එයා කිවුව දවස් 100 ඇතුලේ ඒක කරනවා කියල. එයා මේක කරන් නැතුව අරී කියල මම හිතන්නේ නෑ' යැයි ආර්.සම්බන්ධන් මහතා බී.බී.සී.යට පවසා තිබේ.
ඒ අනුව, පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගෙන සිටින මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා බලයට පත්වුවහොත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු ඇති බවට දෙමළ ජාතික සන්ධානය විශ්වාසය පළ කර තිබේ.
පක්ෂය රැස්ව මෙතෙක් තීරණයක් ගෙන නැති නමුත් පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන හිටපු අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය පළ කරන්නේද යන්න පිළිබඳව ඉතා ඉක්මනින් තීරණයක් ගන්නා බවද දෙමළ ජාතික සන්ධානයේ නායකයා වැඩිදුරටත් පවසා තිබේ.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා රූපවාහිනිය ඔස්සේ දැක්වූ අදහස් සාධනීය යැයි තමන්ට ඒත්තු ගිය බව පැවසූ සම්බන්ධන් මන්ත්‍රීවරයා දේශපාලන කාර්යභාරය පිළිබඳව පළ කළ අදහස් සම්බන්ධයෙන් පැහැදීමක් ඇති වූ බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

