පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වී සිටින මෛත්රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තවමත් තීරණය කර නැතියි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත්තේ සහාය දැක්වීම තීරණය කරනු ලබන්නේ පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා සමග ඔහුගේ ප්රතිපත්ති හා ඒවා ක්රියාත්මක කරන ආකාරය පිළිබඳව සාකච්චා කර එකගතාවක් ඇතිකර ගැනීමෙන් පසුව බවයි.