ඉදිරි ජනපතිවරණයේදී තම පක්ෂය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ගත් තීරණය පිළිබඳ නිල ප්‍රකාශය ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා නාවලදී පැවැති මාධ්‍ය හමුවකදී අද (03දා) ප්‍රකාශ කළේය.
ඒ අනුව ඉදිරියේදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවට ගොඩව ඔහු දිනවීම සඳහා කතා කරන බවත් මහ මැතිවරණයකදී වෙන්ව තරග කරන බවත් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
මේ අවස්ථාව සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්විය.