මෛත්‍රීට චරිත 3ක්
අගමැති/පොදු අෙප්ක්ෂක/ මැතිවරණ ප්‍රචාරණ සභාපති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් සහ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19දා) දිනයේදී වඩාත් කතාබහට ලක් වූ චරිතය විය. මහලේකම්වරයා වර්තමාන රජයේ අග්‍රාමාත්‍ය තනතුර ඉල්ලා දැඩි ස්ථාවරයක් ගෙන ඇති බවද ඊයේ වාර්තා විය.
මේ පිළිබඳව ඔහු රජයට කරුණු ගෙනහැර පා ඇති අතර, එසේ නොවුණහොත් රජයෙන් ඉවත්වන බව දන්වා ඇතැයිද විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේ නමුත් අග්‍රාමාත්‍ය තනතුර ලබාදිය හැක්කේ මහ මැතිවරණයෙන් පසුව බවට රජය ප්‍රකාශ කර ඇති නමුත් ඔහු ඊට එකඟ වී නැතැයිද කියවේ.
මේ අතර ඔහු රජයෙන් ඉවත්වී විපක්ෂ ප්රවාහයට එක්වන බවට ඊයේ පාර්ලිමේන්තුව තුළ හා රට පුරා ශීඝ්‍ර‘යෙන් කටකතා පැතිරෙමින් තිබිණි. ඔහු ආණ්ඩු පක්ෂය අතහැර පැමිණෙන්නේ නම් ඔහු ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවද මෙම කතාබහ අතර විය.
ඒ අතරතුර ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් අරලියගහ මැදුරේ පැවැති දානමය පුණ්‍යකර්මයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා භක්තිමත් උපාසකයෙකු ලෙස සධාතුක කරඬුව වැඩම කරවන අයුරුද දැකගත හැකි විය.
ඊයේ දිනයේදී මෙලෙස නව චරිත තුනකට හිමිකම් කියමින් දිනයේ ප්‍රධාන චරිතය වූ මෛත්‍රී හෙට දිනයේදී කුමන චරිතය තෝරාගනු ඇතිදැයි රජයේ පාර්ශ්වය මෙන්ම විපක්ෂයද උනන්දුවෙන් බලා සිටියි.
එහිදී පොදු අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් උනන්දු වන කණ්ඩායම මෛත්‍රී තෝරාගන්නා චරිතය කුමක්දැයි යන්න ගැන දැඩි උනන්දුවකින් පසුවන බවද දැනගන්නට ලැබේ.
කැළුම් බණ්ඩාර/ එස්. කරුණාරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

