පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලාංඡනය ලෙස සුදු පරවියා තෝරාගෙන තිබෙන බව වාර්තා වේ.
පියඹන සුදු පරවියෙකුගේ ලාංඡනය කොළ, නිල්, රතු, කහ වර්ණය සහිත මතුපිටක නිර්මාණය කර තිබෙන අතර, මේ ලාංඡනය ලියාපදිංචිය ලබාගැනීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කර තිබේ.
පක්ෂයේ නම මෙතෙක් ස්ථිරවම තීරණය කර නොමැති අතර, පක්ෂයක නමක් තීරණය කිරීමට නොහැකි වුවහොත් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස පොදු අපේක්ෂකයා ඉදිරිපත් වීමටද සැලසුම් කර ඇත.