පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහාතාගේ ප්රචාරක කටයුතු සඳහා පොලිතින්, කටවුට්, පෝස්ටර් භාවිත නොකිරීමට තීරණය කර තිබේ. එහෙත් ප්රචාරක රැස්වීමක් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අදාළ ස්ථානය හා ඒ අවට ප්‍රදේශවල ප්රචාරක පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ඉදිරි දිනවල ආරම්භ වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන දරුවන් විභාගයට පෙනී සිටින මධ්‍යස්ථාන අවට කිසිදු දේශපාලන ප්රචාරක කටයුත්තක් සිදුනොකරන ලෙස සංවිධායකවරුන්ට දැනුම් දී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ